4/8/12 - 4/15/12 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, April 12, 2012

කැමතිද පෙන් (USB Flash Drive) එක රැම්(Ram ) එකක් විදියට හදාගන්න





ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක්  ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ  මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


අවෂ්‍යතා...

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..


Windows XP සඳහා..

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න...

Windows Vista,7 සඳහා..

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න.
ඔන්න එහෙනම් මම යනවා ඔයාල ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවකියල පාර්ථනා කරනවා

Sunday, April 8, 2012

ඔයාල ගාව නැද්ද සිංහල ෆොන්ට් මෙන්න එහෙනම් මගෙන් 100 ක්ම

       ඔන්න ඔයාලට මගෙන් මේ අවුරුදු  කලේ හොදම හොද තෑග්ගක් මේකේ ඔයාලට හොයාගන්න බැරි විදියේ ෆොන්ට් 100 තනිකර සිංහල ඒවා එක එක විදියේ ඔයාල ගොඩක් ය දන්නවා ෆොන්ට් install කරන විදිය මම එහෙම දන්නේ නැතියට කියාදෙන්නයි හදන්නේ ඔන්න එහෙනම් මුලින්ම පහල තියන link එකෙන් බාගත කරන්නකෝ මුලින්ම බාගත කරගත්ත එක දිග ඇරගන්න  ඕනේ ආ මට අමතක වුනා එක තියෙන්නේ rar file එකක් එක අපි vinrar වලින් extract කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ control panel එකට ගහින් classic view කියල දීලා ඔයාල එතන තියන font කියන folder එක open කරගෙන file වලටගිහින් එතන තියෙනවා install new font කියන එකදෙන්න දීලා ඔය extract කරගත්ත තැන පෙන්නලා select all දීලා ok කරන්න දැන් වැඩේ ඉවරයි එහෙනම් මම යන්නම් මේදවස්වල අව්රුද්දට ලස්තිවෙන්නත් ඕනේ හදිස්සියේ වගේ මේකත් ලියන්න ඕනේ කියල හිතුන එකයි ලිවුවේ එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට     


                                                        මෙතනින් බාගන්න  

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost