Skype හරහා ඔබේ මිතුරකුගෙන් හෝ වෙනත් පවුලේ හිතවතෙකුගෙන් ඔබට “lol is this your new profile pic” යන පණිවිඩය සමගින්, http://goo.gl/XXX?img=XXX වැනි වූ link එකක් ලැබුනොතින්, එම link එක click කිරීමෙන් වලකින්න.
“lol is this your new profile pic http://goo.gl/XXX?img=XXX” ලෙසින් පණිවිඩයක් skype බාවිතා කරන්නන් අතර spam වන බව විවිද security firms කිහිපයක් හා skype විසින් තහවුරු කර තිබෙනවා. මෙම link එක click කළ විට trojans සහිත ZIP file එකක් ඔබේ පරිගණකයට automatically download වෙනවා. මෙම ZIP file එක තුළ ඇති files run වු සැනින් ඔබේ පරිගණකය backdoor trojan එකක ග්‍රහණයට නතු කරගෙන අනෙක් malware වැඩසටහන ඔබේ පරිගණකයට download කරනු ලබනවා. Sophos ප්‍රකාශ කරණ පරිදි ඔබේ පරිගණකයේ දත්ත සොරාගැනීමට එයට හැකියාව තිබෙනවා. තවද මෙමගින් ඔබේ පරිගණකය botnet එකක කොටස් කරුවකු බවට පත්වනවා.
මෙම malware වැඩසහන ක්‍රියාත්මක වෙන්නේ windows තුළ පමණයි. යම් අත්වැරදීමකින් ඔබ එම file එක download කළෝතින්, ඉක්මනින්ම anti-malware වැඩසටහනක් බාවිතා කර එය block කර delete කර දමන්න.
Related: Ashampoo Anti-Malware මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිළේ !
තවද ඔබේ මිතුරන්ගෙන් ඔබට මෙම පණිවිඩය ලැබුනොතින් ඔවුන්ව මේ ගැන දැනුවත් කර ඔවුන්ගේ පරිගණකය විනාශකාරී වැඩසටහනක ග්‍රහණයට හසු වී ඇති බව අවබෝද කරදී ඔබ මෙන්ම අනිත් අයවත් ආරක්ෂා කරගන්න. ඒ වගේම මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ share කර ඔවුන්ව දැනුවත් කරන්නන් අමතක කරන්න එපා. ඔබට ජය !!
මෙමෙ ලිපියේ මුල් අයිති කරු වන්නේ බුද්ධික නුවන්ය මෙය මා විසින් උපුටා ගනු ලැබුවේ ට්‍රික් ලංකා නම් වෙබ් අඩවිය තුලිනි මෙය ම උපුටා ගනු ලද්දේ මා සමග සිටින මගේ සහෝදර පිරිස මින් මුදවා ගැනීම සදහා වන බවත් කාරුණිකව කියා සිටි
0 comments:
Post a Comment