Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, April 12, 2012

කැමතිද පෙන් (USB Flash Drive) එක රැම්(Ram ) එකක් විදියට හදාගන්න





ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක්  ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ  මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


අවෂ්‍යතා...

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..


Windows XP සඳහා..

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න...

Windows Vista,7 සඳහා..

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න.
ඔන්න එහෙනම් මම යනවා ඔයාල ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවකියල පාර්ථනා කරනවා

Sunday, April 8, 2012

ඔයාල ගාව නැද්ද සිංහල ෆොන්ට් මෙන්න එහෙනම් මගෙන් 100 ක්ම

       ඔන්න ඔයාලට මගෙන් මේ අවුරුදු  කලේ හොදම හොද තෑග්ගක් මේකේ ඔයාලට හොයාගන්න බැරි විදියේ ෆොන්ට් 100 තනිකර සිංහල ඒවා එක එක විදියේ ඔයාල ගොඩක් ය දන්නවා ෆොන්ට් install කරන විදිය මම එහෙම දන්නේ නැතියට කියාදෙන්නයි හදන්නේ ඔන්න එහෙනම් මුලින්ම පහල තියන link එකෙන් බාගත කරන්නකෝ මුලින්ම බාගත කරගත්ත එක දිග ඇරගන්න  ඕනේ ආ මට අමතක වුනා එක තියෙන්නේ rar file එකක් එක අපි vinrar වලින් extract කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ control panel එකට ගහින් classic view කියල දීලා ඔයාල එතන තියන font කියන folder එක open කරගෙන file වලටගිහින් එතන තියෙනවා install new font කියන එකදෙන්න දීලා ඔය extract කරගත්ත තැන පෙන්නලා select all දීලා ok කරන්න දැන් වැඩේ ඉවරයි එහෙනම් මම යන්නම් මේදවස්වල අව්රුද්දට ලස්තිවෙන්නත් ඕනේ හදිස්සියේ වගේ මේකත් ලියන්න ඕනේ කියල හිතුන එකයි ලිවුවේ එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට     


                                                        මෙතනින් බාගන්න  

Saturday, April 7, 2012

මෙන්න උණු උණු නෝට්පෑඩ් එක

Windows XP,Windows Seven,Windows Vista ආදී ඕනම මෙහෙයුම් පද්ධතියකම Notepad Software එක අඩංගු වෙනවා.ඒත් මේ Notepad එකේ පෙනුම එතරම් ලස්සන නැහැ.තවද Notepad එකෙන් වැඩ කරන්න ගියහම අපිට ටිකක් කචල්.අපි යම් HTML එකක් හෝ PHP එකක් හෝ වෙනත් යම් පරිගනක භාෂාවකට අදාල දෙයක් මේ Notepad එකෙන් Open කළාම අපට හදුනා ගන්න අපහසුයි.ඒත් අලුත් Notepad එක ඉතා ලේසියෙන් මේ පරිගනක භාෂා කියවනවා.අපිට බලන්න ලේසියි.එලෙසම යම් ලිස්ට් එකක්,නිදසුනක් ලෙස E-mail Address 9000 ක් පමණ අඩංගු Text File එකකින් අපට E-mail Address 500 ක් Select කර ගන්න ගියොත් අපට ලේසියෙන් මේ Notepad එක භාවිතා කරලා Select කරන්න පුලුවන්.තවද අලුත් Notepad එකේ Tab වශයෙන් Open වන නිසා එකවර Tab කිහිපයක් සමග වුවද පහසුවෙන වැඩ කරන්න පුලුවන්.

  මේක බාගන්න මෙතනින් click කරන්න

Monday, April 2, 2012

web cam එකෙන් ඔන්න දැන් ccvtv cam එකක් ඔයාලට

යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින් ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි  කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ

  Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
             
                           මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න 

 හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
 දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව  Install කරන්න 


 මේක Install කරාට  පස්සේ මේවිදියට තම එන්නේ මේක පහලට ගහින් බලන්න 
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙමේ  move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !


 motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

 අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
      

     මම ඕක ගැන කියල දෙනවට වඩා ඔයාලට මේක බලන එක වැදගත් වෙයි පහලට ගහින් බලන්න 






තව ඒවා තියෙනවා ඒවත් දල බලන්නකෝහොදයිද  කියල පහලට ගහින් 
                                   මෙන්න ලින්ක් ටික 
                                             Rise Sun 
                                           Tebo Cam

සිහිනයේ මිදුම

             පලමු වෙලුම


                               ඇත පිටිසර ගම්මානයක පුංචි පුලක් වාසය කළා හරියටම කියනවනම් අම්මයි තාත්තයි නංගියි  අයියයි තම ජිවත් උනේ  හැබැයි   මොවුන්  කියන්න තරම් දුප්පත් වුනේ  නෑ මොවුන්ට  මොවුන්ගේම  කියල ඉඩ කඩම් තිබ්බ මෙයාල ජිවත් වුනේ  ගොවි තැන කරලා මේ ගෙදර තාත්තට  වයස අවුරුදු  38 යි අම්මට 35 නංගිට 10 අයියට  15 ඉතින් මේ නංගී හා අයියයි දෙන්නම පාසල් යනවා යන්නේ ගමේ ඉස්කෝලෙට මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 5 පයින් යන්න ඕනේ එයාලගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ගහින් හවසට ආවාම හේනට ගහින් තාත්තට උදවු    වෙනවා එක තියෙන්නේ මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 2,3 කැලේ ඇතුලට වෙන්න එනකොටනම් තාත්තත් එක්ක තම එන්නේ ඇවිත් තම නැගෙන කළා එහෙම පාඩම් කරන්නේ ඉතින් ඔහොම යනකොට දවසක් සුරංගයි නංගී දෙන්නන යනවා තාත්තට උදවු  කරන්න යනකොට කැලේ මැද්දෙන් එක පාරට සද්දයක් ඇහුන මේ දෙන්නට දෙන්න හොදටම බය උන කවදාවත්ම මේ දෙන්නට මේ වගේ සද්දයක් ඇහිලා තිබිල නෑ අයෙත් ඒ වගේම සද්දයක් ඇහුන කොළ තු හෙලවෙන සද්දයය් ඒ අතු කඩෙන සද්දයකු ඒ විතාක් නෙමේ සද්දේ ටික ටික ලගට එනවා ත් තේරුණා සුරංග නංගිගේ අතින් තදකරල අල්ල ගත්ත සුරන්ගටනම් හිතුනෙම අලියෙක් ගම පැත්තට අවිත්ත තම කියල සුරංග නංගිට රහසින් කිඋව සද්ද නොකර ඉන්න කියල දැන් සද්දේ එන්න එන්නම ලං වුන එක පාරට එක පාරටම කැලේ පොඩි කරගෙන පර මැද්දට අවේ නැද්ද පහල ගෙදර සුමනගේ කොලුවා සුරංගට පුදුම තරහක් අවේ තම ත් සුමනගේ පොඩි පුතා සුරන්ගලගේ දියහ බලාගෙන  හිනාවෙනවා  සුරංග නංගිගේ  අත අතඇරලා  සුමනගේ කොලුවට ගහන්න ගිය එක්කෙම නං ගී පැනල සුරංගව අල්ලලා නවත්ත ගත්ත සුරංග කවදාවත් නැතුව මෙච්චර තරහ ගත්තා නංගිවත් දැකල නෑ සුරංග තමාටම ටනියෙන් බැනගෙන අපු ගමන යන්න පිටත් වුනා              

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost